Help
Change language Sinhala (සිංහල)

සාමාජිකත්වය ලබා ගන්නා ආකාරය

New: Corylus jacquemontii Shop (ඉන්දියාව), බහුවාර්ෂික ශාක, Garlic බල්බීය ශාක

Become a KPR member, and enjoy cheaper prices immediately. Register here.

සාමාජික ලියාපදිංචි ඉල්ලුම්පත්‍රය

KPR හි සාමාජිකයෙකු වන්න මම කැමතියි

සාමාජිකත්වය පිලිබද තොරතුරු

2007 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ස්ලොවේකියානු භාෂාව භාවිතා කල නොහැකි වුවද KPR හි සාමාජිකත්වය ලබාගැනීමට ඔබට පුළුවනි.
2000 වසරේදී අපගේ සංගමය ස්ලොවේකියානු භාෂාවෙන් ආරම්භ කරන ලදී. එතැන් සිට මුලිකව ස්ලොවෙකියාවෙන් හා චෙක් ජනරජයෙන්ඉ පමණක් සාමාජිකයන් අපගේ සංගමයට එකතුවීම සිදුවිය.
දැන් ඔබගේ රට හෝ භාෂාව කුමක් වුවත් අප සමග අත්වැල් බැදගෙන ස්ලොවේකියානු KPR සාමාජිකයන් ලබන සියළු වරප්‍රසාද එලෙසින්ම ලබන්න ඔබට පුළුවන්.
ඔබ කොහේ සිට පැමිණියත් අප ඔබව සාදරයෙන් පිලිගන්නවා. එක්වන්න අප සමග!
කෙසේ වෙතත් ශාකලේඛනය ඉදිරිපත් කර ඇති භාෂා එකක්වත් භාවිතා කිරීමට ඔබට නොහැකි නම් එය පරිශීලනය කිරීමට ඔබට නොහැකි වනු ඇත.
නමුත්, ඔබේම භාෂාවෙන් ඔබේම ශාකලේඛනයක් පටන් නොගන්නේ ඇයි? ඔබේ භාෂාව කතාකරන අනෙක් වගාකරුවන් හා එක්වී ශාක හා වගාකිරීම ගැන රසවත් ලිපි ලියන්න, එකතුකරන්න විතරක් නොවේ- ඔබේ භාෂාවෙන්ම ශාකලේඛනයක් අරඹන්නත් ඔබට පුළුවන්!
ඔබේ තෘප්තියට කිසිම බාධාවක් නෑ!
අනෙක් අතට, ස්ලොවේකියානු වගාකරන්නන් වෙනුවෙන් සැකසූ තොරතුරු අනෙක් ප්‍රදේශවලට වැදගත් නොවන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රාදේශිය භාෂාවලින් සැකසුනු ශාකලේඛන ඉතා වැදගත් වනවා නොඅනුමානයි.

Membership of the KPR Slovakia

KPR හි සාමාජිකයෙක් වියයුත්තේ ඇයි?

1. KPR හි සාමාජිකයන්ට ඔවුන්ගේ ඇනවුම් වඩා හොද මිලගණන් වලට ලබාගත හැකියි. පහත උදාහරණ බලන්න. (ඇනවුම් සදහා අවම සීමාවක් නොමැත.)

KPR සාමාජිකයන් සඳහා මිල සාමාජික නොවන අය සඳහා මිල වට්ටම %
0,50 € 0,70 € 29%
0,70 € 0,90 € 22%
1,00 € 1,50 € 33%
3 € 4 € 25%

2. සෑම සාමාජිකයකුටම බීජ සාම්පල 5ක් සෑම වසරකදීම නොමිළේ පැල හා බීජ බැංකුව වෙතින් ලබා ගතහැක (පාම් හා තෝරාගත් විශේෂ කිහිපයක හැර). තවද සාමාජිකයන් සදහා 50%ක වට්ටමක් අනෙක් සාම්පල සදහාද ලැබෙනු ඇත(සාම්පලයක සම්මත මිල යුරෝ 1ක් වන අතර KPR සාමාජිකයන්ට එය යුරෝ 0.50ක් පමණි).

3. KPR සාමාජිකයන්ගේ ඇනවුම් වලට සියළුම ඇනවුම් අතරින් ප්‍රමුඛත්වය ලැබෙනු ඇත.

4. භෝග වගා කිරීම පිලිබද භාෂා 11න් වසර පුරා උපදෙස්

5. ඔබට විවෘත ගිණුම් සේවාව භාවිතා කල හැක.

විවෘත ගිණුම් - විවෘත ගිණුම් පිලිබද තොරතුරු
KPR හි ගනුදෙනු කිරීමට ඇති පහසුම ක්‍රමය විවෘත ගිණුමක් ආරම්භ කිරීමයි. ඇනවුමක් සිදුකිරීමට පෙර ඔබ අපට මුදල් එවිය යුතුය. ඉන්පසු ඔබ ඇනවුමක් සිදුකල විට අදාල මුදල විවෘත ගිණුමෙන් අය කර ගනු ඇත. එමෙන්ම, ඔබේ ඇනවුම එවෙලේම නැව්ගත කිරීමට හැකි වනු ඇත. විවෘත ගිණුමේ මුදල් තැන්පත් කිරීම ඔබ කැමති විටෙක ඕනෑම ගෙවීමේ ක්‍රමයක් මගින් සිදුකල හැක.
ඔබේ ගිණුමට මුදල් ඇතුලත් කිරීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක, ඔබගේ අවශ්‍යතාව හදුනාගැනීමට ඔබේ පෞද්ගලික අංකය ඇතුලත් කිරීම පමණක් සෑහේ. ඔබේ මුදල් ලැබුණු විගස ඔබගේ ගිණුමට මුදල් එකතු කිරීම සිදුකිරීමට අප සූදානම්. ගිණුමට ඇතුලත් කල හැකි මුදල් ප්‍රමාණයේ සීමාවක් නොමැත. මුදල් ඇතුලත් කල වහා විවෘත ගිණුමේ ශේෂයම ඔබට භාවිතා කිරීමට හැකිවනු ඇත.
ඔබේ ඇනවුම විවෘත ගිණුම හරහා ගෙවන්නේ නම්, ඒ බව පහත අයුරින් අපට දැනුම් දෙන්න: “මගේ ඇනවුම මාගේ විවෘත ගිණුම හරහා ගෙවීම සිදුකෙරෙනු ඇත. XXXXXXX” පණිවුඩය ලද වහා ඔබගේ ගිණුම බැර වනු ඇත. ඔබේ ඇනවුමද ඇසිරීමේ කටයුතු හමාර වූ වහාම පිටත් කෙරෙනු ඇත.
ඔබේ විවෘත ගිණුමේ මුදල් නැවත අවශ්‍ය විටක නැවත ඔබට ලබාගත හැක. නමුත් මෙම සේවාව සදහා යම් මුදලක් අය කෙරෙනු ඇත. PayPal හරහා සිදුකරන හුවමාරුකිරීම් වලට ගාස්තු අය නොකෙරෙනු ඇත. Moneybookers.com සදහා යුරෝ 0.50ක උපරිමයකට යටත්ව ගාස්තු අයකෙරෙනු ඇත. ස්ලොවේකියාව හා චෙක් ජනරජ බැංකු අතර හුවමාරු කිරීම් වලට ගාස්තු අය නොකෙරේ. ගාස්තු පිලිබද/ අනෙක් ගෙවීමේ ක්‍රම පිලිබද ගැටළු ඇතොත් අපගෙන් ඒ පිලිබද විමසන්න පසුබට නොවන්න. ඔබේ ඉල්ලී‍ම ලැබී දින 60ක් ඇතුලත ඔබේ අවශ්‍යතාවය සැපිරීමට අප සූදානම්.
සටහන: විවෘත ගිණුම් හේතුවෙන් මුදල් හුවමාරුව සදහා වැයවන මුදල් ඉතිරි කරගැනීමට ඔබට හැකි වනු ඇත. ඔබ කල යුත්තේ එක් වරක් විවෘත ගිණුමට මුදල් හර කිරීම පමණයි. ඉන්පසු ඔබේ ඕනෑම ඇනවුමකට ඕනෑම වාර ගණනක් මුදල් ගෙවීම විවෘත ගිණුම හරහා සිදුකල හැක.
ගැටළු ති‍බේද?

6. යුරෝ 80ට වැඩි වටිනාකමක් සහිතව 2024 වසරේ ඇනවුම් කළේ නම්, යුරෝ 10ක් වටිනා පැල හෝ බීජ නොමිලේ!

7. වාර්ෂික ලොතරැයියෙන් යුරෝ 15, 30 හා 50ක් වටිනා මිලදී ගැනීම් නොමිලේ කරන්න!

...සහ තවත් නොයෙක් විශේෂ වරප්‍රසාද.

සාමාජිකයන් සදහා කොන්දේසි:

1. වාර්ෂික සාමාජිකත්වය අළුත් කිරීමට, මැයි 31 දිනට පෙර සාමාජික ලියාපදිංචි කිරීමේ පෝර්මය පුරවා යුරෝ 10ක ගාස්තුව ගෙවන්න. මෙම ගාස්තුව ලෝකය පුරා KPR ක්‍රියාකාරකම් වර්ධනයට භාවිතා කෙරේ.

2024 වසර සදහා සාමාජිකත්වය ගාස්තුව

(සාමාජිකත්වය 1.10.2023 දින සිට 31.12.2024 දින දක්වා වලංගුය)

වාර්ෂික සාමාජිකත්වට අළුත්කිරීම පලමු වසර ඊලග වසර සදහා දික් කරන්න
10 Euro 5 Euro

2. මේ සදහා අවම වශයෙන් සංගමයේ දීමනාවන්ගෙන් දෙකක් හෝ ලබාගත යුතුය. ඇනවුම් සදහා අවම සීමාවක් නොමැත.

3. සාමාජික මුදල් සමග කරන ස්වේච්ඡා ගෙවීම් ද KPR හි වර්ධනයට යොදා ගැනෙනු ඇත.

KPR හි සාමාජිකයෙකු වන්න ඔබත් කැමතිද? ඉතා පහසුයි! එක්වන්න අපත් සමග. ඔබ කලයුත්තේ සාමාජික ලියාපදිංචි ඉල්ලුම්පත්‍රය පිරවීම පමණයි.

සාමාජික ලියාපදිංචි ඉල්ලුම්පත්‍රය

KPR හි සාමාජිකයෙකු වන්න මම කැමතියි


You have add this item into your Shopping Cart.